AFC Banner
Empty Ad
Empty Ad

දෙහිවල සත්තු වත්තෙන් පැන ගිය සතුන් යලි හමුවෙයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටියදී මීට මාස 08 කට පමණ පෙර අතුරුදන්ව සිටි නිල්මාල ගිරවා නැවත හමුවු බව සත්වෝද්‍යානය පවසනවා.
කළුබෝවිල ප්‍රදේශයේ යුවළක් මෙම ගිරවා ඊයේ සත්වෝද්‍යාන වෙත බාර දී ඇත.

එම ගිරවා මීට මාස කිහිපයක පෙර කළුබෝවිල පිහිටි නිවසට එකවර පියාඹා පැමිණි බවත් කිසිදු හිමිකරුවෙක් ගිරවා සොයා නොපැමිණීම නිසා කළුබෝවිල නිවසේ දී මේ දක්වා ගිරවා ඇති දැඩි කර ඇති බවයි සත්වෝද්‍යාන ප්‍රකාශයයෙක් සඳහන් කර සිටින්නේ.

ගිරවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරවීම නිසා නිවසේ සිටින්නේ සත්වෝද්‍යානයේ සිට අතුරුදන්ව සිටින නිල් ගිරවා බවට සැකකර නිවසේ යුවළ ගිරවා සත්වෝද්‍යානය වෙත බාර දුන් බවයි එම ප්‍රකාශකයා සඳහන් කර සිටියේ.

මෙම ගිරවා නැති වු නිල් පිරිමි ගිරවා බවට හදුනාගෙන ඇත.

ගිරවා ලැබීමත් සමග සත්වෝද්‍යානය ඒ සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය දැනුවත් කිරීමෙන් පසු දෙහිවල පොලිසිය එම ස්ථානයට පැමිණ අදාල යුවළගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ද ලබාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර ඉකුත් වසරේ සැත්සැම්බර් මස දිනක සත්වෝද්‍යාන කූඩුව අරින අවස්ථාවේ ඉන් පියාඹා ගොස් සිටි නිල් මැකෝ වර්ගයේ ගිරවියෙකු ද ඊයේ රත්මලාන ප්‍රදේශයේ නිවසකින් සොයා ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?