දෙහිවල සත්තු වත්තෙන් පැන ගිය සතුන් යලි හමුවෙයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටියදී මීට මාස 08 කට පමණ පෙර අතුරුදන්ව සිටි නිල්මාල ගිරවා නැවත හමුවු බව සත්වෝද්‍යානය පවසනවා.
කළුබෝවිල ප්‍රදේශයේ යුවළක් මෙම ගිරවා ඊයේ සත්වෝද්‍යාන වෙත බාර දී ඇත.

එම ගිරවා මීට මාස කිහිපයක පෙර කළුබෝවිල පිහිටි නිවසට එකවර පියාඹා පැමිණි බවත් කිසිදු හිමිකරුවෙක් ගිරවා සොයා නොපැමිණීම නිසා කළුබෝවිල නිවසේ දී මේ දක්වා ගිරවා ඇති දැඩි කර ඇති බවයි සත්වෝද්‍යාන ප්‍රකාශයයෙක් සඳහන් කර සිටින්නේ.

ගිරවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරවීම නිසා නිවසේ සිටින්නේ සත්වෝද්‍යානයේ සිට අතුරුදන්ව සිටින නිල් ගිරවා බවට සැකකර නිවසේ යුවළ ගිරවා සත්වෝද්‍යානය වෙත බාර දුන් බවයි එම ප්‍රකාශකයා සඳහන් කර සිටියේ.

මෙම ගිරවා නැති වු නිල් පිරිමි ගිරවා බවට හදුනාගෙන ඇත.

ගිරවා ලැබීමත් සමග සත්වෝද්‍යානය ඒ සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය දැනුවත් කිරීමෙන් පසු දෙහිවල පොලිසිය එම ස්ථානයට පැමිණ අදාල යුවළගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ද ලබාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර ඉකුත් වසරේ සැත්සැම්බර් මස දිනක සත්වෝද්‍යාන කූඩුව අරින අවස්ථාවේ ඉන් පියාඹා ගොස් සිටි නිල් මැකෝ වර්ගයේ ගිරවියෙකු ද ඊයේ රත්මලාන ප්‍රදේශයේ නිවසකින් සොයා ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56