AFC Banner
Empty Ad
Empty Ad

කෑගල්ලේ ධම්මික බණ්ඩාරට එරෙහිව විශේෂ විමර්ශනයක්

කොරෝනා වෛරසයට එරෙහිව පැණියක් නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමැත්තාට එරෙහිව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම පුද්ගලයට එරෙහිව පේරාදෙණිය පොලිසියට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග  සඳහන් කළේ.

මෙම පැණිය ලබාගැනීම සඳහා පැමිණි පිරිසක් සමග ධම්මික බණ්ඩාර නමැත්තා ඇතිකරගෙන ඇතැයි කියන ගැටුමක් සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් වී තිබෙනවා.

ධම්මික බණ්ඩාර නමැත්තා මෙම ගැටුම ඇතිකරගෙන ඇත්තේ පැණිය ලබාගැනීමට පැමිණි බටහිර වෛද්‍යවරයෙකු සමග බවයි වරකාපොල පොලිසිය සඳහාන් කළේ.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ පැවැත්වෙන මෙම විමර්ශනයෙන් අනතුරුව ධම්මික බණ්ඩාර බොහෝදුරට පොලිස් අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇති බවද වාර්තාවනවා. කෙසේ වෙතත් අද දිනයේ ද විශාල ජනතාවක් මෙම පැණිය ලබාගැනීමට ධම්මික බණ්ඩාර නමැත්තාගේ නිවස ඉදිරිපිට රැස්ව සිටින බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?