ICCය 2021 වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා නම් කරයි

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් 2021 වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා සඳහා ක්‍රීඩකයින් සිව් දෙනෙකුගේ නම් නිර්දේශ වී තිබූ අතර මේ වනවිට ඒ සඳහා තේරී පත්ව ඇත්තේ පාකිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන්.

මොහොමඩ් රිස්වාන් පසුගිය වසර පුරාවටම දැක්වූ දක්ෂතා පදනම් කරගෙනයි අයි.සී.සීය විසින් වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ.

රිස්වාන්ට අමතරව ශ්‍රී ලංකාවේ වනිදු හසරංග, ඕස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ් සහ එංගලන්තයේ ජෝෂ් බට්ලර් යන ක්‍රීඩකයින් මේ සඳහා නිර්දේශ වී සිටියා.

ICCය 2021 වසරේ විස්සයි විස්ස