Port Cityයේ සෙල්ෆි ගන්න ගාස්තුවක් අයකරනවා ද ?

කොළඹ වරාය නගරයේ මැරීනා කලාපය පසුගිය 09 වනදා මහජනතාව වෙත විවෘත වීමත් සමඟ එය නැරඹීමට මහජනතාව මේ දිනවල වැඩි වශයෙන් පැමිණෙනවා.

මේ සමඟ වරාය නගරයේදී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තුවක් ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පැතිර ගියා.

කෙසේ වෙතත් කොළඹ වරාය නගරය පවසන්නේ, කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ ලබාගන්නා සෙල්ෆි ඡායාරූප සඳහා ගාස්තු ගෙවිය යුතු බවට පැතිර යන වාර්තා මුළුමනින් ම අසත්‍ය බවයි.

ඒ සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් කොළඹ වරාය නගර නිල ට්විටර් ගිණුමට එක්කර තිබුණා.

එම විශේෂ නිවේදනය පහතින්..

Port Cityයේ සෙල්ෆි ගන්න ගාස්තුවක් අයකරනවා ද
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?