AFC Banner
Empty Ad
Empty Ad

ලෙජන්ඩ්ස් ලීග් පළමු ජය ඉන්දීය කණ්ඩායමට – මුරලිගේ සුපිරි පන්දු රැකීමක්

ලෙජන්ඩ්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ (20) පැවති තරගය කඩුලු 6කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ආසියානු කණ්ඩායම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර එහිදී ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස්කරගනු ලැබීය.

මෙම තරගයේ තරඟ තීරකවරිය ලෙස Shandre Fritz කටයුතු කළ අතර විනිසුරුවරියන් ලෙස Shubhda Bhosle සහ Humaira Farah කටයුතු කළෝය.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් උපුල් තරංග හයේ පහර දෙකක් සහ හතරේ පහර 7ක් සමඟ ලකුණු 66ක් රැස්කළේ පන්දු 46කදීය.

මිස්බා ආසියානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 44ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මන්ප්‍රිට් ගෝනි කඩුලු 3ක් දවාගනු ලැබීය.

ඉර්ෆාන් පතාන් කඩුලු දෙකක් දවාගත් අතර ස්ටුවර්ට් බිනී සහ මුනාෆ් පටෙල් කඩුලු 1 බැගින් දවාගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

එහිදී සුපිරි පිතිහරඹයක නියැලුණු යුසුෆ් පතාන් පන්දු 40කදී ලකුණු 80ක් රැස්කරගැනීමට සමත්විය.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය.

අනතුරුව පිටියට පිවිසි ඔහුගේ සොහොයුරු ඉර්ෆාන් පතාන් ලකුණු 21ක් රැස්කිරීමට සමත්විය.

මොහමඩ් කයිෆ් නොදැවී ලකුණු 42ක් රැස්කරගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී ෂොයිබ් අක්තාර් සහ උමාර් ගුල් එක් කඩුල්ල බැගින් දවාගත්හ.

මේ අතර බද්‍රිනාත්ගේ දුවද්දී දැවී යාමේ අවස්ථාව ඊයේ තරගයේ බොහෝදෙනෙකු අවධානයට ලක්විය.

එහිදී ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඩීප් මිඩෝෆ් කලාපයේ සිට යොමුකළ පන්දුව කෙලින්ම පිතිකරණ අන්තයේ කඩුල්ලේ වැදුනි.

එම අවස්ථාව පහතින්.

https://streamable.com/rbz7pl
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?