වර්ථමානයේ ශ්‍රී ලංකාවේ පවතින විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලාංකීය විදෙස්ගත වන ශිෂ්‍ය ප්‍රජාව විශාල ගැටලුවකට මුහුන දී සිටිනවා.ඔවුන්ට මේ වන විට කිසිම ආකාරයකින් විදේශීය මුදල් හුවමාරුවක් සිදු කරගැනීමේ හැකියාවක් බැංකු පද්ධතිය හරහා උදා වී නැහැ.කළු කඩ මිල්ගනන් යටතේ උන්ඩියල් ක්‍රමයට ඔවුන් විසින් සියලුම ගනු දෙනු සිදු කරගැනීමට පෙලබී සිටින අතර එයින් රජයට සිදුවන්නේ විශාල පාඩුවක්.
කෙසේ නමුත් මේ වන විට මේ ප්‍රශ්නය වෙනත් ආකාරයකින් නැවත කරළියට පැමින තිබෙනවා.එනම් එලැබෙන 10වන දිනයට රජය විසින් ගෙවීමට නියමිත බැදුම්කර ණය වාරික ගෙවීම සිදු වුවහොත් නැවත වතාවක් රට තුල මුදල් සංචිත හිග වන බැවින් නැවත උන්ඩියල් ක්‍රමයටවත් මුදල් ගෙවිය හැකි වේදැයි යන ප්‍රශ්නයයි.
මේ මොහොතේ පවතින සංචිත ප්‍රමානය සහ ණය වාරිකය ගෙවීමෙන් පසු ඉතිරි වන සංචිත ප්‍රමාණය සසඳා බැලූ විට එම ගැටලුව ඉතා සාදාරණ බව අපටද පෙනී යනවා.
කෙසේ නමුත් මේ මොහොතේ අපට ඉතිරිව ඇති එකම විකල්පය රජය කුමක් කරාවිද යන්න බලා සිටීම පමණි.




