5 වසර ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගයන් ගැන විශේෂ නිවේදනයක්

ජනවාරි 18 මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු 5 ශිෂ්‍යත්වයට අදාලව සහ පෙබරවාරි 1 මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ විභාගයට අදාලව, උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය විභාග මධ්‍යස්ථාන 2943කදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදන කර සිටිනවා.

එමෙන්ම අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 07 වනදා සිට මාර්තු මස 05 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2438කදී පැවැත්වීමට නියමිතයි. මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 340,507ක් සහභාගී වනවා.

ඒ අනුව සිංහල මාධ්‍යයෙන් 255,062ක් සහ දෙමළ මාධ්‍යයෙන් 85,445ක් වශයෙන් සහභාගි වීමට නියමිත අතර ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක් ස්ථාපිත කර තිබෙනවා. මේ අතර උසස් පෙළ විභාගය වෙනුවෙන් මෙවර පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව 345242ක්. ඉන් 279141ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 66101ක් වනවා.

එම විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316ක් ස්ථාපිත කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග කල්දමනු ලැබුවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පැනවූ සංචරණ සීමා සහ පාසල් වසා තැබීම හමුවේයි.

මේ අතර විභාග පැවැත්වෙන කාලසීමාව තුල විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්වල ඩෙංගු මර්දන ධූමායන කටයුතු සිදු කිරීම සඳහා මේවන විටත් අදාළ බලධාරීන් වෙත දැනුම්දී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර ගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔවුන් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54