රිය අනතුරකින් පසු බස් රථයකට ගිනි තබයි

බස් රථයකට යටවී පාපැදිකරුවෙකු මියයෑමෙන් පසු මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැමිණ බස් රථයට ගිනි තබා තිබේ.

අවිස්සාවේල්ල – මාලියන්ගම මාර්ගයේ රිටිගහවෙල මංසන්ධියේදී එම අනතුර සිදුවී ඇත.

එම බස් රථය කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.

ඒ අද (15) සවස් කාලයේදීය.

අනතුරට ලක්වූ 65 හැවිරිදි පාපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබුණි.

බස් රථයේ රියදුරු සිද්ධියෙන් පසු පැනගොස් ඇත.

අවිස්සාවේල්ල පොලීයේ නිලධාරීන් පැමිණ බස් රථය සිය භාරයට ගන්නා අවස්ථාවේදී කුපිත වූ ඥාතීන් බස් රථයට ගිනිතබා ඇති බව වාර්තා වෙයි.

ඒ අවස්ථාවේ බස් රථයේ සිටි පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48