බූස්ටර් ගැන හෙළිදරව්වක්

පසුගිය 11 වැනි දා සිට 17 වැනි දා දක්වා ෆයිසර් බූස්ටර් එන්නත දීප ව්‍යාප්ත ව සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සහ සියලු ම රජයේ රෝහල්වල උදේ 08 සිට රාත්‍රී 08 දක්වා ලබා දුන්නත් ඊට ජනතාව යොමුවීමේ ඉතා අඩුවක් පෙනෙන්නට ඇති වාර්තා වෙනවා.

මේ බව සඳහන් කරමින්, විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ සඳහන් කළේ, පළමු වැනි හා දෙවැනි මාත්‍රා ලබාගැනීම සඳහා ජනතාව තුළ පැවති උනන්දුව බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සඳහා නො මැති බව යි.

කොවිඩ් මර්දනය සඳහා සිදු කරන එන්නත්කරණය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවට වෛද්‍ය විද්‍යාත්මක ව තහවුරු කර තිබියදීත් මෙසේ ජනතාව ඒ ගැන උනන්දු නො වීම තුළින් සමාජය යළි ව්‍යසනයක් කරා යා හැකි බව යි විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ.

පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තුන් වැනි රැල්ලේ දී මරණ අනුපාතිකය සහ සංකූලතා ඇති වීම ඉතා අඩු මට්ටමක පැවති බව සඳහන් කරන වෛද්‍යවරයා, මාස හයක් පමණ ගතවීමෙන් පසු කෙමෙන් අඩුවෙන ප්‍රතිශක්තිකරණය හමුවේ, නැවත රැල්ලක් පැමිණිය හොත් තත්ත්වය අවදානම් බව ප්‍රකාශ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රාදේශීය සභාව උණුසුම්
01:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල
00:35
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල - තුවාල ලැබූ අයෙක් රෝහලට..මෙන්න එහි නවතම දර්ශන
00:39
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19