ගෑස් ප්‍රමිතිය ප්‍රකාශයට

ගෘහස්ථ ගෑස්වල තත්ත්වය, රෙගියුලේටරය, සිලින්ඩරවල වෑල්ව සහ බටය සම්බන්ධයෙන් ප්‍රමිතීන් නියාමනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරා තිබෙනවා.

ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග සම්බන්ධයෙන් වන ප්‍රමිතීන් සම්බන්ධ ගැසට් නිවේදන පිළිබඳ පැහැදිලි කරමින් සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ,

පසුගිය දිනවල ඇතිවූ ගෑස් සිදුවීම් සම්බන්ධයෙන් නැවත එවැනි තත්ත්වයන් ඇති නොවීමට කෙටි කාලීන, මාධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් ලබාදීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. 

එමෙන්ම ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විද්වත් කමිටුවෙන් ලැබුණු නිර්දේශ මත ද ගෑස් හා උපාංග ආශ්‍රිතව අතීතයේ සිට නියාමනයක් සිදු නොකිරීම වර්තමානයේ ඇතිවී තිබෙන මෙම ගැටළුකාරී තත්ත්වයට හේතුවක් වී ඇති බව අනාවරණය විය.

ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2021.11.30 වන දින ආනයන අපනයන පාලක ජනරාල්වරයා වෙත ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග සම්බන්ධයෙන් ප්‍රමිතිය අනිවාර්ය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත බලය පැවරීමට අවශ්‍ය බලය ලබාදීමට ඉල්ලීමක් කරන ලදි. 

එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත අද දින (12) සිට ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග මෙරටට ආනයනය කිරීමේදී ප්‍රමිතිය අනිවාර්ය කරමින් පහත සඳහන් අදාළ ගැසට් නිවේදන පළකිරීමට කටයුතු කර ඇත.

126 – ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් – SLS 712

127- ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්  සඳහා හෝස් සහ හෝස් එකලස් කිරීම් – SLS 1172

128 – ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සිලින්ඩරය සමග භාවිතය සඳහා කපාට (වෑල්ව) සවිකිරීම් – SLS 1184

129 – පීඩන නියාමක සහ ස්වයංක්‍රීය ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සඳහා වෙනස් කිරීමේ උපකරණය – SLS 1180

ඒ අනුව, ඉහත ප්‍රමිතීන් සම්බන්ධ ගැසට් නිවේදන www.imexport.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බාගත කරගත හැකිය.

මින් ඉදිරියට ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග ආනයනය කරනු ලබන්නේ නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත අයදුම්පත් ඉදිරිපත් කර එම ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් රේගුවෙන් නිදහස් කිරීමට පෙර ප්‍රමිති සහතිකය ලබාගැනීමෙන් පසු එය ඉදිරිපත් කිරීමෙන් පසු රට තුළට ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග ඇතුළු කිරීමට අවසර හිමි වේ.

ඒ අනුව, මෙම ක්‍රියාමාර්ගයෙන් පසු ප්‍රමිතියෙන් තොර  ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග රට තුළට ඇතුළු නොවනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08