මගේ අතින් වැරද්දක් වුණා : සුපිරි ටෙනිස් ක්‍රීඩකයා ලොවක් ඉදිරියේ ඇත්ත කියයි

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජෙකොවික් (novak djokovic) ඔස්ට්‍රෙලියාවට ඇතුළුවීමේදී සම්පූර්ණ කළයුතු අයදුම්පත්‍රයක වැරදි තොරතුරු ඇතුළත් කර ඇති බව පිළිගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔහුගේ නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, එය ඔහුගේ ප්‍රවේශ පත්‍ර ඒජන්තවරයා විසින් සිදු කළ වරදක් බවත් එය මිනිසකු අතින් සිදුවිය හැකි වරදක් බවයි.

කෙසේ වෙතත් මේ බව දැනගත් වහාම සිය ඒජන්තවරයා තමාගෙන් සමාව ඉල්ලා සිටි බවත්, මෙම සුපිරි ටෙනිස් ක්‍රීඩකයා සඳහන් කර තිබෙනවා.

ලබන සතියේ ආරම්භ වීමට නියමිත ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි නොවැක් ජෙකොවික් එහිදී අර්බුද රැසකට මුහුණ දුන්නා.

කොවිඩ් 19 සම්බන්ධයෙන් වන එන්නත්කරණය ඔහු සිදු කර නොමැති නිසා ඔස්ට්‍රෙලියාවට ඇතුළුවීමට ඉඩ ලබානොදීමටයි, එරට ආගමන විගමන බලධාරීන් පළමුව තීරණය කළේ.

මේ හේතුවෙන් මෙම සුපිරි ටෙනිස් ක්‍රීඩකයාට පැය ගණනාවක් ඔස්ට්‍රෙලියානු ආගමන විගමන නිලධාරීන් භාරයේ පසු වන්නටත් සිදුවුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔහු ඔස්ට්‍රෙලියානු ෆෙඩරල් අධිකරණයේ ගොනු කළ නඩුවක දී විනිසුරුවරයා විසින් තීරණය කළේ නොවැක් ජෙකොවික් සම්බන්ධයෙන් ගත් තීරණය වැරදිසහගත බවයි.

එබැවින් ඔහුට ඔස්ට්‍රෙලියාවට ඇතුළුවීමට අවසර ලබා දිය යුතු බවටත් අධිකරණය විසින් තීන්දු කළා.

මේ වනවිටත් ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාවය උසුලන මෙම 34 හැවිරිදි මෙම ක්‍රීඩකයා, එම ශූරතාව 10 වන වරටත් දිනා ගැනීම සඳහා ලබන සතියේ තරග බිමට පිවිසෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..ස්වාධින කොමිසමත් ජනපතිට බයද ?
05:51
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:53
Video thumbnail
ඊළඟ ජනපති නාමල් කියලා දැන් හිරගෙවල්වලත් කියනවා
06:00
Video thumbnail
දැඩි වුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..කොළඹ ආශ්‍රිතව මිලිමීටර් 200ක වර්ෂාපතනයක්
04:50
Video thumbnail
මරික්කාර් මහින්දට සැරටම කියයි - වැරදි කළා නම් මුහුණ දෙන්න ඕනේ
02:25
Video thumbnail
NBRO නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවත් දීර්ඝ කරයි..මෙන්න අවදානම් දිස්ත්‍රික්ක
02:11
Video thumbnail
රත්නපුර මහා නගර සභාවේ වැසිකිළියට විශාල ගලක් කඩා වැටෙයි
01:19
Video thumbnail
කඩාහැලෙන මහ වැස්ස රට පුරා කරලා තියන විනාශය
05:11
Video thumbnail
පාසල් ළමුන් ගමන් කළ බස් රථයක් සහ ලංගම බසයක ගැටී සිදු වූ අනතුර
00:56