AFC Banner
Empty Ad
Empty Ad

මගේ අතින් වැරද්දක් වුණා : සුපිරි ටෙනිස් ක්‍රීඩකයා ලොවක් ඉදිරියේ ඇත්ත කියයි

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජෙකොවික් (novak djokovic) ඔස්ට්‍රෙලියාවට ඇතුළුවීමේදී සම්පූර්ණ කළයුතු අයදුම්පත්‍රයක වැරදි තොරතුරු ඇතුළත් කර ඇති බව පිළිගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔහුගේ නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, එය ඔහුගේ ප්‍රවේශ පත්‍ර ඒජන්තවරයා විසින් සිදු කළ වරදක් බවත් එය මිනිසකු අතින් සිදුවිය හැකි වරදක් බවයි.

කෙසේ වෙතත් මේ බව දැනගත් වහාම සිය ඒජන්තවරයා තමාගෙන් සමාව ඉල්ලා සිටි බවත්, මෙම සුපිරි ටෙනිස් ක්‍රීඩකයා සඳහන් කර තිබෙනවා.

ලබන සතියේ ආරම්භ වීමට නියමිත ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි නොවැක් ජෙකොවික් එහිදී අර්බුද රැසකට මුහුණ දුන්නා.

කොවිඩ් 19 සම්බන්ධයෙන් වන එන්නත්කරණය ඔහු සිදු කර නොමැති නිසා ඔස්ට්‍රෙලියාවට ඇතුළුවීමට ඉඩ ලබානොදීමටයි, එරට ආගමන විගමන බලධාරීන් පළමුව තීරණය කළේ.

මේ හේතුවෙන් මෙම සුපිරි ටෙනිස් ක්‍රීඩකයාට පැය ගණනාවක් ඔස්ට්‍රෙලියානු ආගමන විගමන නිලධාරීන් භාරයේ පසු වන්නටත් සිදුවුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔහු ඔස්ට්‍රෙලියානු ෆෙඩරල් අධිකරණයේ ගොනු කළ නඩුවක දී විනිසුරුවරයා විසින් තීරණය කළේ නොවැක් ජෙකොවික් සම්බන්ධයෙන් ගත් තීරණය වැරදිසහගත බවයි.

එබැවින් ඔහුට ඔස්ට්‍රෙලියාවට ඇතුළුවීමට අවසර ලබා දිය යුතු බවටත් අධිකරණය විසින් තීන්දු කළා.

මේ වනවිටත් ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාවය උසුලන මෙම 34 හැවිරිදි මෙම ක්‍රීඩකයා, එම ශූරතාව 10 වන වරටත් දිනා ගැනීම සඳහා ලබන සතියේ තරග බිමට පිවිසෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?