AFC Banner
Empty Ad
Empty Ad

කුලී නිවැසියන්ට සුබ පණිවිඩයක්

නිවසක් හෝ නිවසක් ඉදිකිරීමට ඉඩමක් හෝ නොමැති කුලී පදනම මත ජීවත්වන පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ අනුව මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් දැරිය හැකි මිලකට සොඳුරු මහල් නිවාස නිවාස නමින් නිවාස ව්‍යාපෘතියක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියත්මක කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියට තෝරා ගන්නා අය සඳහා රුපියල් 500000ක මූලික මුදලක් ගෙවීමේ හැකියාව තිබිය යුතු වෙයි. නිවසේ වටිනාකමින් ඉතිරි කොටස වර්ෂයක් තුළ වාරික වශයෙන් අය කිරීමට යෝජිතය.

අවශ්‍ය අය වෙත බැංකු මගින් ණයක් ලබාදීමට මෙහිදි යෝජනා කර තිබේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු රනපොකුණගම ඉඩමක මේ හරහා නිවාස ඒකක 72ක ඉදිකිරිමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
56
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?