ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකාව පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ප්‍රථම විධායක කමිටු රැස්වීම පැවැත්වෙයි

ශ්‍රී ලංකා–දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ප්‍රථම විධායක කමිටු රැස්වීම පසුගියදා (09), සංගමයේ සභාපතිනි කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන ප්‍රධානී දේශපාලන උපදේශක න්තාබිසෙන්ග් රමට්ෂෙලා (Ms. Nthabiseng Ramatshela) සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ පාර්ලිමේන්තු සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු අප්‍රිකාවේ අඛණ්ඩ
කැපවීම ඇය යළිත් තහවුරු කළා.

පැමිණ සිටි පිරිස පිළිගනිමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළේ, පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකත්වය තුළින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් මෙහෙයක් ඉටු කරන බවයි.

එමෙන්ම, එවැනි සංගම් මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විදෙස් ව්‍යවස්ථාදායකයන් සමඟ සම්බන්ධ වී දැනුම හා අත්දැකීම්
හුවමාරු කර ගැනීමටත්, දෙරටටම ප්‍රයෝජනවත් විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටත් ඉඩ සැලසෙන බවද ඇය පෙන්වා දුන්නා.

තවද, මෙම ප්‍රථම විධායක කමිටු රැස්වීම දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා–දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කරන අතර, දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් බවද සභාපතිනිය සඳහන් කළා.

1994 වසරේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමෙන් අනතුරුව, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ තිරසාර සංවර්ධනය යන පොදු මූලධර්ම මත පදනම්ව ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සුහද සබඳතා අඛණ්ඩව
පවත්වාගෙන යන බවද ඇය සිහිපත් කළා.

සාකච්ඡාවලදී දෙපාර්ශ්වයම අවධාරණය කළේ, නීති සම්පාදකයන් අතර නිරන්තර සංවාදය තුළින් පාර්ලිමේන්තු හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙන්ම ජනතාව අතර සබඳතා වඩාත් පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයයි.

විශේෂයෙන්ම, දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කාන්තාවන්ගේ සහභාගිත්වය සහ නායකත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් දෙරටේ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණා.

වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වුණා.

කෘෂිකර්මාන්තය, පතල් කර්මාන්තය, සංචාරක කර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ අනෙකුත් නැගී එන කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික වෙළෙඳාම තවදුරටත් පුළුල් කිරීම පවතින අවස්ථාවන් පිළිබඳව ද සාමාජිකයෝ කරුණු පෙන්වා දුන්නා.

අප්‍රිකානු වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා දකුණු අප්‍රිකාව උපායමාර්ගික පිවිසුම් දොරටුවක් ලෙසත්, දකුණු ආසියාව සහ ඉන්දීය සාගර කලාපය වෙත ප්‍රවේශ වීම සඳහා ශ්‍රී ලංකාව වැදගත් පිවිසුම් දොරටුවක් ලෙසත් මෙහිදී සඳහන් විය. එමෙන්ම, එක්ස්පෝ 2027 ප්‍රදර්ශනයට අදාළව කළ ආරාධනයට අනුව ලබන වසරේ ජනවාරි මාසයේදී ව්‍යාපාරික දූත පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අපේක්ෂා කරන බව දකුණු අප්‍රිකානු පාර්ශ්වය ප්‍රකාශ කළා.

දෙරට අතර පවතින දීර්ඝකාලීන ක්‍රීඩා සබඳතා සැලකිල්ලට ගනිමින්, ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාවන් මඟින් ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රිකත්වය ශක්තිමත් කිරීම පිළිබඳව ද සාමාජිකයෝ අදහස් හුවමාරු කර ගත්තා.

එමෙන්ම, විශ්වවිද්‍යාල හවුල්කාරිත්වයන්, ශිෂ්‍යත්ව අවස්ථා සහ අධ්‍යයන හුවමාරු වැඩසටහන් ඇතුළුව අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීමේ අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා, සංහිඳියාව සහ ජාතික ගොඩනැගීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව ලද අත්දැකීම් සහ පාඩම් හුවමාරු කර ගැනීමට සූදානම් බව දකුණු අප්‍රිකානු නියෝජිත පිරිස ප්‍රකාශ කළා.

විධායක කමිටු සාමාජිකයන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව, සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ විසින් මෙම කටයුතු හා සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට ස්තුතිය පළ කිරීමෙන් අනතුරුව රැස්වීම අවසන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24