සිම්බාබ්වේ තරගාවලිය වනිඳුට සහ ධනංජයට අහිමිවෙයි

ලබන 16 වැනිදා සිම්බාබ්වේ සමග ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම පන්දු යැවීමේ තුරුම්පුව වන වනිඳු හසරංගට අහිමි වී තිබේ.

නිමාවට පත් වූ එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගයේදී කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධ තත්ත්වයක් හමුවේ වනිඳුට මෙම තරගාවලිය අහිමි වී තිබේ.

කෙසේ නමුත් ලබන පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වනවිට ඔහුගේ ආබාධයන් සම්පූර්ණයෙන් සුව අතට හැරෙනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව පිය පදවිය ලැබීම හේතුවෙන් ධනංජය ද සිල්වාත්, මෙම තරගාවලියෙන් ඉවත් වීමට ක්‍රිකට් ආයතනයෙන් මීට දිනකට ඉහතදී ඉල්ලා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. දෙරට අතර පළමු එක්දින තරගය ලබන 16 වැනිදාත්, දෙවැනි තරගය 18 වැනිදාත්, තුන්වැනි තරගය 21 වැනිදාත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. දිවා රාත්‍රී තරග ලෙසින් පැවැත්වෙන එම සෑම තරගයක්ම ප.ව.2.30ට ආරම්භ වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?