සිම්බාබ්වේ තරගාවලිය වනිඳුට සහ ධනංජයට අහිමිවෙයි

ලබන 16 වැනිදා සිම්බාබ්වේ සමග ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම පන්දු යැවීමේ තුරුම්පුව වන වනිඳු හසරංගට අහිමි වී තිබේ.

නිමාවට පත් වූ එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගයේදී කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධ තත්ත්වයක් හමුවේ වනිඳුට මෙම තරගාවලිය අහිමි වී තිබේ.

කෙසේ නමුත් ලබන පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වනවිට ඔහුගේ ආබාධයන් සම්පූර්ණයෙන් සුව අතට හැරෙනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව පිය පදවිය ලැබීම හේතුවෙන් ධනංජය ද සිල්වාත්, මෙම තරගාවලියෙන් ඉවත් වීමට ක්‍රිකට් ආයතනයෙන් මීට දිනකට ඉහතදී ඉල්ලා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. දෙරට අතර පළමු එක්දින තරගය ලබන 16 වැනිදාත්, දෙවැනි තරගය 18 වැනිදාත්, තුන්වැනි තරගය 21 වැනිදාත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. දිවා රාත්‍රී තරග ලෙසින් පැවැත්වෙන එම සෑම තරගයක්ම ප.ව.2.30ට ආරම්භ වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20
Video thumbnail
මේ වගේ අය එක්ක කොහොමද රටවල් හදන්නේ ? Colour Light එකේ රතු පත්තුවෙලා තියෙනවා දැක දැක යන හැටි..?
00:57
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23