බැසිල් ඉද්දී ඉන්ධන මිල වැඩි කරන්න දුන්නෙ නෑ….- බිමල්

ආණ්ඩුව රටේ ඉන්ධන මිල ගණන් පෙර නොවූ විරූ ආකාරයෙන් ඉහළ දැමීම හේතුවෙන් ජනතාවගේ පීඩනය දෙගුණ තෙගුණ වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයයේදී  පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ලංකා ඉතිහාසයේ වැඩිම තෙල් මිල ආණ්ඩුව මෙවර ලබාදී තිබෙන බවත්, නමුත් ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල මීටත් වඩා වැඩි වූ අවස්ථා මීට පෙර පැවති බවත් හෙතෙම කීවේය. පහුගිය මාසවලදී බොර තෙල් යම් ප්‍රමාණයක ඉහළ යාමක් පැවතියත් ඔමික්‍රොන් ප්‍රභේදයේ පැතිරීමත් සමගම යුරෝපයේ රටවල්වල සංචාරක සීමා පැනවීම නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල ගණන් යම් අඩුවීමක් සිදුවූ බවත්, ආණ්ඩුව තෙල් මිල වැඩිකිරීම සිදුකර ඇත්තේ ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වෙමින් තිබෙන අවස්ථාවක බවත් ඔහු කීවේය. ඛනිජ තෙල් ඇමතිවරයා හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රූකඩ බවට පත්කර තිබෙන බවත්, තෙල් මිල වැඩිකිරීමට අදාළ සාකච්ඡා ආණ්ඩුව තුළ සිදුවුණේ දෙසැම්බර් 13වැනිදා අයවැය අවසන් වූ පසුව බවත් ඒ මහතා කීය. නමුත් ඒ මොහොතේ කැබිනට් මණ්ඩලය තුළ මේ පිළිබඳව සාකච්ඡා වෙද්දී බැසිල් රාජපක්‍ෂ මුදල් අමාත්‍යවරයා තමන් ලංකාව තුළ සිටියදී මිල වැඩිකිරීමට ඉඩ නොදුන් බව ප්‍රසිද්ධ රහසක් බවද, ඒ අවස්ථාවේ ඛනිජ තෙල් ඇමතිවරයාට මිල වැඩිකිරීමට ඉඩ නොදුන් නමුත් පෙරේදා රාත්‍රියේ ඛනිජ තෙල් සංස්ථාව මිල වැඩි කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ඉල්ලීම මත බවද ජාතික සංවිධායකවරයා පැවැසීය. ඉන්ධන මිල වැඩි කරනු ලැබුවේ ඩොලර් සංචිත රැක ගැනීමට බවට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසුවත්, ලංකාවේ තෙල්වල රුපියල් මිල වැඩි කළ විට ඩොලර් සංචිත ඉහළ යන්නේ කෙසේද යන්න ගැටලුවක් බවද ඔහු කීවේය. බැසිල් රාජපක්ෂ ඇමතිවරයා මේ රටේ තමන්ගේ රැකියාව සහ ව්‍යාපාර කටයුතු කිරීමෙන් පසුව නිවාඩුව ගත කිරීමට ඇමරිකාවට ගොස් තිබෙන බවත්, ඔහු සිටින මොහොතේ ඉන්ධන වැඩි කිරීමට ඉඩ නොදී තිබෙන්නේ ඔහුගේ නිවාඩුවට බාධාවක් වන නිසා විය යුතු බවත් හෙතෙම පැවසීය.

බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමැතිවරයා මිල වැඩිකිරීමට අදළ තීරණය ගෙන එය ක්‍රියාත්මක කිරීමේ වගකීම ඔහුගේ ඇඟට නොවැටෙන ආකාරයට සිදුකර ඇති බව ඉතාම පැහැදිලි බවද, රාජපක්‍ෂවරු රටේ ආර්ථිකය හැසිරවීමෙන් සියයට 60 – 70කට වගකියන බවත් ඉන් සිදුවන්නා වූ මහජන පීඩාව තමන්ගේ ඇඟට නොගෙන ආණ්ඩුව තුළ සිටින අන්තේවාසික ඇමැතිවරුන් පිටින් යවන බවද ඔහු පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41