ඇමති විජිත ලබන 28 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට සූදානමින්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයට තමන් සහභාගීවන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී ලබන 28 වනදා ශ්‍රී ලංකාව වෙනුවෙන් මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවයි.

ඒ වෙනුවෙන් තමන් ලබන 26 වනදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යන බව අමාත්‍ය විජිත හේරත් මෙහිදී සඳහන් කර සිටියා.

පසුගිය වර පැවති මහා මණ්ඩල සැසිවාරයට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා සහභාගී එඋ බවත් මෙවර සැසිවාරය සඳහා විදෙස් අමාත්‍යවරයා ලෙස තමන් සහභාගීවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46