ඔමික්‍රෝන් ප්‍රභේදය මැද අප්‍රිකානු රටවලට පැනවූ සංචාරක තහනම ඉවත් කළේ ඇයි ?

අප්‍රිකානු කලාපයේ රටවල් 6 ක සිට පැමිණෙන පුද්ගලයින්ට මෙරටට ඇතුළුවීමට පනවා තිබූ තහනම ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර සිටියා.

මෙලෙස පනවා තිබු සංචරණ තහනම ඉවත් කිරීමට තීරණය කලේ කුමන හේතුවක් සම්බන්ධයෙන් ද යන්න පැහැදිලි නොවන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කර සිටියේ.

මෙලෙස අප්‍රිකානු රටවලට පනවා තිබු සංචාරක තහනම ඉවත් කිරීමට තීරණය කළේ කුමන අරමුණක් නිසාද යන්න සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

එලෙස පනවා තිබු තහනම ඉවත් කෙරුනේ පවතින තත්ත්වයන් පිළිබඳ සලකා බලා ලෝක සෞඛ්‍ය සංවිධානයේද අදහස් සැලකිල්ලට ගෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලට ඉකුත් 27 වනදා සිට දින 17 ක කාලයක් එම සංචාරක තහනම පනවා තිබුණා.

කෙසේවෙතත් මේ වන විට දකුණු අප්‍රිකාණු කලාපයට වඩා යුරෝපා රටවල්වල එම වෛරසය පැතිර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ලොව පුරා රටවල් 49කින් පමණ ඕමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වි ඇති බැවින් දකුණු අප්‍රිකානු කලාපයේ රටවල්වලට පමණක් සංචරණ සීමා පැනවීම ප්‍රායෝගික නොවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් ඕමික්‍රොන් විකෘත්ති ප්‍රභේදයට එරෙහිව ඵලදායී ආරක්ෂාවක් ලබා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයද ප්‍රකාශ කර තිබෙනවා. ඕමික්‍රොන් ප්‍රභේදය හදුනා ගැනීමත් සමග ලොව රටවල් රැසක් දකුණු අප්‍රිකානු රටවල්වලට සංචරණ සීමා පැනවුවද මේ වන විට එම රටවල්ද අදාල සංචරණ සීමා ඉවත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12