රට පුරා යළිත් ගෑස් හිඟයක්?

ලාෆ් ගෑස් සමාගම මගින් නිකුත් කරන ගෑස් හිඟවීමක් මත මේ දිනවල (22) දිවයින පුරා පිහිටි ලාෆ් ගෑස් අලෙවි සැල්වල ගෑස් නොමැති වීමේ සිද්ධීන් වාර්තා වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන් මේ බව සඳහන් කළ බවයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද ලාෆ් ගෑස් අලෙවිසැල්වල පවා ගෑස් මිල දී ගැනීමට නොමැති බවටයි එම ප්‍රදේශයේ වැසියන් පෙන්වාදෙන්නේ.

මේ පිළිබඳව සොයා බැලීමට මින්නේරියේ ලාෆ් ගෑස් අලෙවි නියෝජිතවරයා වෙත ගිය විට දී එම ආයතනයේ සේවිකාවක් සඳහන් කළේ තම බෙදාහැරීමේ ආයතනයට ලාෆ්ස් ගෑස් සමාගමෙන් පසුගිය සැප්තැම්බර් මස අවසානයේ සිට නියමිත ගෑස් තොග බෙදා හැරීමට නොලැබුණු බවයි.

එම නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලාෆ් ගෑස් පාරිභෝගිකයින් 10,000කට වැඩි පිරිසක් දැඩිව පීඩාවට පත්ව ඇති බවත් ඇය සඳහන් කර තිබෙනවා.

ලාෆ් ගෑස් හිඟතාව පිළිබඳව සොයා බැලීමේ දී මෙම තත්ත්වය මුළු දිවයින පුරා පිහිටි සෙසු ලාෆ් ගෑස් අලෙවිසැල්වල ද නිර්මාණය වී ඇති ගැටලුවක් බවටයි වාර්තා වී ඇත්තේ.