‘මැණිකේ මම කතා කරන්නේ’ මියගිය සැමියා වසරකට පසු බිරිඳට දුරකතන ඇමතුමක් ලබාදිලා

මියගිය සැමියාගෙන් දුරකතන ඇමතුමක් ලැබීමේ හේතුවෙන් වික්ෂිප්ත වූ බිරියක පැමිණිල්ලක් කරන්නට පොලිසි ගිය සිද්ධියක් පිළිබඳව පසුගියදා විය.වසර ගණනක් ආදරයෙන් බැඳී සිටි යුවළක් වන  මේ යුවළට දරුන් නොමැති අතර දරු මල්ලන් නැතත් මේ යුවළ ඥාති දරුවන් කෙරේ දැක්වූයේ මහත් ඇල්මකි.

වසරකට පමණ ඉහතදී සැමියා මියගියේ හදිසියේමය. සැමියාගේ මරණය බිරියට මහත් ශෝකය දනවන කරුණක් වූ අතර  අසල්වාසී නෑදෑ හිතවතුන්ගේ එකතුවෙන් යුතුව සැමියාගේ අවසන් කටයුතු කෙරිණි.හත්දින මෙන්ම තෙමස් දානයේ කටයුතු ද මහ හරසරින් සිදු කරනු ලැබුයේ බිරිය සැමියාගේ ගුණ ගයමිනි.

ඔහුට වැඩි ළෙන්ගතුව සිටි දරුවකුට ඔවුන්ගේ දේපළෙන් වැඩි කොටසක් දෙන බව කලින් කියා තිබූ නිසා ඒ දරුවා සිටියේ මහත් බලාපොරොත්තු ඇතිවය. තෙමස් දානයෙන් පසු තවත් පවුලක දරු මල්ලන් මේ කාන්තාවගේ සියලු ඕනෑ එපාකම් සොයා බලන්නට වූයේ කිසියම් සිතිවිල්ලක් ඇතිවය. මාස දෙක තුනක් යද්දී ඇගේ දේපළ මේ පවුලේ අය අතට පත් කරගන්නට හැකිවූයේ ඒ නිසාය.

කොරෝනා වසංගතය නිසා සැමියාගේ ම’රණයෙන් වසර පිරීමේ දානයේ කටයුතුවලට බාධාවක් වූයේය. ඒ නිසාම බිරිය දානය පන්සලට ගොස් පූජා කරනු ලැබුවේ සිතේ සතුටින් නොවීය. සැමියාගේ දානය හරසරින් යුතුව කරන්නට නොලැබීම ගැන බිරිය සිටියේ මහත් සිත් වේදනාවෙනි. මේ අතර දිනක ඇගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේය.

‘මැණිකේ මම කතා කරන්නේ’ පිරිමි කටහඬක් ඇසිණි. ‘කවුද’ ඇය ඇසුවාය. ‘අනේ මම මේ’ කියා පිරිමි කටහඬ ළයාන්විතව සැමියාගේ නම සඳහන් කිරීමත් සමග බිරියට සිහි එළවා ගන්නට බැරි වූවාය. ‘ඇයි අනේ පොරොන්දුව කඩලා ඉඩකඩම් වෙන කාටවත් දුන්නේ’ සැමියා විමසීය. ඒ සමගම ඇමතුම විසන්ධි විය.

‘අනේ මගේ මහත්තයා මට කතා කළා.’ ඇය අසල්වැසි සියල්ලටම කීවාය.මැරුණු අය කෝල් කරන්නේ කෙසේද කියා අසල නිවසක පුංචි පුතකු පැවසීමත් සමග ඇගේ සිහි කල්පනාව ආවේය. මෙය කවුරුන් හෝ කළ සරදමක් බව පසුව තේරුම් ගියේය.

ඇය ඉක්මනින්ම ඇඳ පැලඳ ගත්තාය. කුලී රියක් කතා කරගෙන පොලිසියට ගියාය. තමන්ගේ මියගිය සැමියා කතා කළ අංකය ද ඉදිරිපත් කළාය.කිසිවකුගේ සරදමක් බව තේරුම් ගත් පොලිසිය ඇයට කරුණු කාරණා කියාදී ගෙදර එව්වේය. පසුව ආරංචි වූයේ පළමුවෙන් දේපළ දෙන බවට කියා සිටි පුතා මේ සරදම කර ඇති බවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09