දරුවෙක් කෙළසූ එක්දරු පියෙක්ට බරපතළ වැඩ සහිත වසර 08ක සිර දඬුවම්

විහාරස්ථානයක පැවති වෙසක් කලාපයක් තුළ පිහිටි කුටියක් තුළ දී වෙසක් කූඩුවක් සාදමින් සිටි 11 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (25) බරපතළ වැඩ සහිත වසර 08ක සිර දඬුවමක් නියම කළා.

මෙලෙස දඬුවම නියම කෙරුණේ 50 හැවිරිදි වියේ පසුවන එක් දරු පියෙකුටයි.

ඊට අමතරව එම විත්තිකරු රුපියල් දස දහසක දඩයකට ද යටත් කළ අතර, වින්දිත දරුවාට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවීමට ද නියෝග කළා.

එකී දඩ මුදල් සහ වන්දි මුදල ගෙවීමට නොහැකි වන්නේ නම් මාස 18ක ලිහිල් සිර දඬුවමක් ලබාදීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේ.

සිය මව සහ සහෝදරිය සමඟ වෙසක් කලාපය නැරඹීමට පැමිණ සිටිය දී එම දරුවාට වෙසක් කූඩුව සකස් කරදෙන ලෙස ඉතා සූක්ෂමව රවටා විත්තිකරු විසින් කුටියක් තුළ දී මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27