ඔබේ දරුවා ට කොවිඩ් මර්දන එන්නත ලැබෙන්නේ මෙහෙමයි

වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීම අදියර 03ක් යටතේ සිදුකිරීමට සැලසුම්කර ඇති බව ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය පවසයි.

එහි සාමාජික ළමා රෝග විශේෂඥ වෛද්‍ය ආර්. එම්. සුරන්ත පෙරේරා මහතා සඳහන් කළේ එහි පළමු අදියර ලෙස නිධන්ගත රෝග සහිත දරුවන් සඳහා එන්නත් ලබාදීමට නියමිත බවය.

සැප්තැම්බර් මස අවසාන සතියේ සිට ඔවුන් සඳහා එන්නත්කරණය ආරම්භකරන බව වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා සඳහන් කළේය.

ළමුන් සඳහා මේ වන විට ෆයිසර් එන්නත පමණක් ලබාදීමට තීරණය කර ඇති බව ද වෛද්‍ය ආර්. එම්. සුරන්ත පෙරේරා මහතා පැවසීය.

“පළමු අදියරයේ දී අපි මේ එන්නත දෙන්න බලාපොරොත්තුවෙන්නේ සංකූලතා තියෙන ළමුන්ට. දෙවන අදියරයේ දී උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. තුන්වෙනි අවස්ථාවේ දී හැමදෙනාම එකඟවෙනවා නම් ඉතිරිවෙන ළමුන්ට විශේෂයෙන්ම වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට දෙන්න.  ඒ වගේම සංකූලතා තියෙන දරුවන්ට සැප්තැම්බර් මස අග එන්නත ලබාදීමට නියමිතයි.  දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ වයස අවුරුදු 12ට වැඩි ඔබේ දරුවාට යම් නිධන්ගත රෝගයක් තිබේනම් ප්‍රතිශක්තිකරණයේ අඩුවන රෝග ලක්ෂණ තිබේ නම් මෙම සියලු කණ්ඩායම්වලට එන්නත ලබාදීමට බලාපොරොත්තු වෙනවා. සඳුදා දිනයේ අවසන් තීරණයක් ලබාදීමට නියමිතයි.”

“බටහිර රටවල විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ බහුලව භාවිතකරලා තියෙන්නේ ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත.  ඒකෙනුත් ෆයිසර් එන්නත තමයි වැඩිපුරම භාවිතකරලා තියෙන්නේ. අපේ දරුවන්ට වැක්සිනයක් දීලා මොකද වෙන්නේ කියන  එක නොකළ යුතු දෙයක්. අපි කළ යුත්තේ බටහිර රටවල අත්හදාබලලා ඔවුන් පිළිගත්ත ක්‍රමවේදයට යන එක. මොකද  එයින් අපට වාසියක් ඇති වෙනවා. අමෙරිකා  එක්සත් ජනපදය ගත්තම මිලියන ගණනකට වැක්සිනය දීලා තියෙනවා. ඉතාමත් අඩු ප්‍රමාණයක තමා සංකූලතා තියෙන්නේ. දැනට තියෙන වැක්සින් තොගය අනුව සංකූලතා තියෙන දරුවන්ට  එය ලබාදීමට ගැටලුවක් ඇති වෙන්නේ නෑ. මොකද අපිට අවශ්‍ය වන්නේ හැටදහසත් හැත්තෑදහසත් අතර ප්‍රමාණයක්. අපි කළ යුත්තේ වෘත්තිකයින් හැටියට යම් ක්‍රමවේදයක් ගොඩනැගීම අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන දරුවන්ට හොඳම දේ දෙන්න”.

මේ අතර මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගැටලු පවතින බව රජයේ වෛද්‍යනිළධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍යනලින්ද හේරත් මහතා සඳහන් කළේ වෛද්‍ය උපදෙස් වලට පටහැනිව එන්නත්කරණය සිදුකිරීම මගින් එම ගැටලු පැන නැගී ඇති බවය.

“එන්නත් කරණ වැඩසටහන මේ තාක්ෂණික උපදෙස්වලින්  බැහැරව බොහෝ තැන්වල ක්‍රියාත්මකවීමට පටන්ගත්තා. විශේෂයෙන් වයස් කණ්ඩායම් සහ දිවයිනේ ප්‍රමුඛතා ලබාදිය යුතු දිස්ත්‍රික්කවල තාක්ෂණිය උපදෙස් අභිබවා ක්‍රියාත්මක වෙනවා. වයස් කණ්ඩාම් ගත්තාම අපි මුලින්ම නිර්දේශ කළේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයිට ප්‍රමුඛතාවය දීලා මේ  එන්නත් කරණ ක්‍රියාවලිය කරන්න කියලා. සෞඛ්‍ය සේවකයෝ, ඉදිරිපෙළ කොවිඩ් මර්දන කණ්ඩාම්. මේ ගොල්ලෝ තමයි අධි අවදානම් කණ්ඩාම්. මේ කට්ටියට  එන්න්ත්කරණය කරන්න කියන  එක. සෞඛ්‍ය සේවකයෝ, ඉදිරිපෙළ කොවිඩ්  මර්දන කණ්ඩාම් සඳහා සිදුවුණා. නමුත් මේ 60ට වැඩි කණ්ඩායම  එන්නත්කරණය අවසන් කරන්නේ නැතුව වෙනත් වයස් කණ්ඩායම් සඳහා  එන්නත් ලබාදීමට යොමු වුණා. මේ සඳහා නිර්දේශ ලබා දුන්නේ කවුද කියන  එක අදටත් ප්‍රශ්නයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09