හැටන් බස් රථ අනතුරේ CCTV දර්ශන මැකූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න

තිදෙනෙකුට ජීවිත අහිමිකරමින් හැටන්, මල්ලියප්පුව ප්‍රදේශයේ දී ඊයේ (21) අනතුරට ලක් වූ පෞද්ගලික බස් රථයේ ආරක්‍ෂිත කැමරා පද්ධතියේ දත්ත මකා දමා ඇති බවට නිල නොලත් ආරංචි මාර්ගවලින් තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අප සිදුකළ විමසීමක දී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ බස් රථයේ තිබූ ආරක්‍ෂිත කැමරා පද්දතිය මේ වනවිට පොලිස් තොරතුරු කොට්ඨාසයට විමර්ශන සඳහා භාරදී ඇති බවයි.

කෙසේ වෙතත් එහි දර්ශන මකා දමා ඇත්ද යන්න පිළිබඳ; පොලිස් තොරතුරු කොට්ඨාසය නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි ඔහු පැවසුවේ.

එම දත්ත මකා දැමූවද සිදුකරන විමර්ශනවලට එය බාධාවක් නොවන බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා; එම දත්ත යළි ලබාගැනීමේ හැකියාව පවතින බවයි සඳහන් කළේ.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊයේ (21) දින හැටන් – මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ පහළින් පිහිටි තේ වත්තකට පෙරළීමෙන් මම අනතුර සිදුව තිබුණා.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් 53 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බවත්, ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත්, බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් හත්දෙනෙක් මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බවත් පොලිසිය සඳහන් කළා.

බස් රථය අධික වේගයෙන් ධාවන කිරීමේ දී බස් රථයේ රියදුරුගේ දොර එකවරම විවෘත වීම නිසා දොර වැසීමට රියදුරු උත්සාහ කිරීමේ දී රථය රියදුරු පාලනයෙන් මිදී තේ වත්තට පෙරලී ඇති බවට සාක්ෂි ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28