AFC Banner
Empty Ad
Empty Ad

සටන දිනන්න ගුරුවරු අලුත් උපායක් තෝරයි

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයට එරෙහිව රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයට කිසිලෙසකින් එකගනොවන බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ආණ්ඩුව තමන්ට අවශ්‍ය පනත් පමණක් කඩිනමින් සම්මත කරගනිමින් සිටින බවයි.

එමෙන්ම රජය මේ මස ගුරුවරුන්ගේ වැටුපට රුපියල් 5000 බලහත්කාරයෙන් එකතු කළහොත් ඊට එරෙහිව සන්ධානයක් ලෙස තීරණයක් ගන්නා බව ද ඔහු පැවසීය.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳාගැනීම ඇතුළු නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ ගුරු විදුහල්පති අභිමානය ආරක්ෂා කිරීමේ අරගලය අද සිට අලුත් පියවර කට අවතීර්ණ බව මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඒ අනුව අද සිට රටපුරා රට පුරා සියලුම ආගමික ස්ථාන වලස්වාමීන් වහන්සේලා පූජකතුමන්ලා මවුලවි තුමන්ලා, අයියර් වරුන් දැනුවත් කිරීම,විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කලාකරුවන් ඇතුළු අනෙකුත් විද්වතුන් ප්‍රභූවරුන් දැනුවත් කිරීම,දෙමව්පියන් දැනුවත් කිරීම හා ඒ සියලු පාර්ශ්වයන්ගේ සහාය ගුරු විදුහල්පති සටනට ලබා ගැනීම ලබා ගැනීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?