AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනාවට යටවුණ අකාරුණික වූ සහෝදර ප්‍රේමය සංවේදී වීඩියෝව

කොවිඩ් වැලදී රෝහල්ගතව සිට නැවත නිවසට පැමිණි තම සහෝදරියට අඩම්තේට්ටම් කළ සහෝදරයෙකු පිළිබද පුවතක් මීට පෙර අනාවරණය වුණා. සහෝදරයාගේ ආසාධාරණයන් පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට ගිය අදාල කාන්තාවට ඇගේ නිදි පැදුර ද අහිමි කළ බව අද වාර්තා වුණා.මේ වේයංගොඩ – නුංගමුව ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි අධිකාරීගේ විමලාවතී.

කලකට ඉහත මව්පිය උරුමයෙන් ඇයටත් අයිතිවාසිකම් කීමට තිබු මහගෙදර ඇය සිය බාල සහෝදරයාට ලබාදීමට තරම් කාරුණික වී තිබුනා.මහගෙදර අයිතිය හිටපු ගුරු උපදේශකවරයෙකු වූ තම සහෝදරයාට ලබාදී විමලාවතී දජීවත්වුණේ මෙම නිවසේමයි.අවිවාහක දියණියක් ද සිටින විමලාවතීට පසුගිය දිනක කොවිඩ් වෛරසය ආසාධයන වී තිබුනා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන පැමිණි ඇයව යළි නිවසට ගැනීමට ගුරු උපදේශක සහෝදරයා කැමැත්ත පළ කර තිබුනේ නැහැ.ඒ පිළිබදව අප පසුගිය දා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය කළ අතර අද එම සිද්ධිය පිළිබද විමර්ශනය කිරීමට විමලාවතීට හා ඇගේ සොයුරාව වේයන්ගොඩ පොලිසිය වෙත කැදවා තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?