සිසුන් එන්නත්කරණයට ලක් කිරීමකින් තොරව පාසල් විවෘත කළ හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා ප්‍රකාශ කළා.
මේ අතර, සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා එල්ල කළේ ආසාදිතයන් සංඛ්‍යාව අඩුවී ඇත්තේ කොරෝනා පරීක්ෂණ අඩුවෙන් සිදුකිරීම හේතුවෙන් බවයි.
නිවෙස්ගතව ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය යටතේ මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකම කොරෝනා ආසාදිතයින් 14,223 දෙනෙකු පසුවන බව නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේද කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන ප්‍රකාශ කළා.
පුද්ගලයින් 52,361ක් අදාළ ක්‍රමවේදය යටතේ නිවෙස්ගතව ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර ඉන් 37,448ක් සුවය ලබා ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.
අදාළ ක්‍රමවේදය යටතේ සිටි ආසාදිතයින් 607 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමුවීමට නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරහා ලියාපදිංචි විය යුතු බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන කියා සිටියා.
මේ අතර, ඇතැම් විදේශ රටවල ක්‍රියාත්මක වන ආකාරයට සිසුන් එන්නත්කරණයට ලක් කිරීමකින් තොරව පාසල් ආරම්භ කළ හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ.
මේ අතර මහනුවර ජාතික රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු මහල් පහකින් යුත් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.
පිළිකා රෝගියෙකු ද වන මොහු අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙක්. එසේම අගෝස්තු 28 වනදා සිට 31 වනදා දක්වා කාලය තුළ හමුවූ තවත් ආසාදිතයන් 4,725 දෙනෙකුගේ තොරතුරු ඊයේ දිනයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් ඔවුන්ගේ වෙබ් අඩවියට එක් කර තිබුණා.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 458,766 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 10 ක සංචාරකයින්ට පනවා තිබූ තහනම හෙට සිට ඉවත් කිරීමට පිලිපීනය පියවර ගෙන තිබෙනවා.
මේ අතර සයිනොෆාම් එන්නත මෙරටදී ලබාදුන් සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් තිබෙනවා.
එසේම තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4 ක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.














රට රතු කලාපයක් ලෙස ලෝකය නම් කරලා තියෙද්දී, මරණ ප්‍රමාණය දිගින් දිගටම වැඩි වෙද්දී මේ මුන්ට පිස්සුද පාසල් අරින්න කියන්නේ? මේ අර අදින්නේ දරුවන් ටික විනාශ මුඛයට යවන්න. දැන් මුන් එක එකා මතු වෙනවා දරුවන් පාසල් අරින්න කියමින්, අර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිලිකා කියන ගෑනි පටන් ගත්තා දැන් මේ මිනිහා. ඇත්තටම මුන්ට මොලයක් නැද්ද නැත්තනම් හිතක් පපුවක් නැද්ද? මුන් මේ කරන්න යන අපරාධයට මුන්ගේ දරු පවුල්වලට පවා හෙන ගහනවා. ඇමෙරිකාවේ හා බටහිර රටවල දරුවන් අතර ගැටළු ඇති කරපු එන්නත් තමයි ෆයිසර් , මෝදනා . ඒක එහෙම වෙද්දී මෙහි අපේ බලධාරීන් ෆයිසර් එන්නත දරුවන්ට ගහන්න හදනවා . මුන්ගේ මොළ වල තියෙන්නේ අසුචිද? මුන් ඔක්කොම නටන්නේ කොම්පැනි කාරයන්ගේ පදේට උන්ගේ සල්ලි වලට , උන්ගේ උපදෙස් වලට. මුන්ට මිනිසුන් එකා පිට එකා මැරුණත් කමක් නැහැ. එන්නත් ගහපු මිනිස්සු කොරෝන හැදිලා පෝලිමේ මැරෙනවා. එන්නත නිසාම මැරෙනවා. තියෙද්දී දැනට ආරක්ෂා වෙලා ඉන්න ළමා පරපුරට විෂ ජරාව විදින්න යනවා. තාම පරීක්ෂණ මට්ටමේ තියෙන එන්නතක කොහොමද දරුවන්ට විදින්නනේ එන්නත් වලින් වන විනාශය පෙනී පෙනී? එන්නත් ගැහුවා කියා හා එන්නත් ගැහු අය අතර රෝග ව්‍යාප්තිය හා මරණ අඩු බවක් නොවේ වැඩි බවක් පෙන්නේ. බලධාරීන් මොන කථා කිව්වත් පෙනෙන්න තියෙන යතාර්ථය එයයි. මුන් මේ උත්සහ කරන්නේ පාසැල් පොකුරක් නිර්මාණය කර ගන්නයි. එකෙන් එන්නත ගහලා බටහිර හා ඇමෙරිකාවේ වගේ ළමයින් අතර සංකුලතා මරණ ඇතිවුවහොත් පාසැල් පොකුරෙන් කියා මුන් අත් හොදගන්න් යන්නේ . දෙමාපියනි මේ පාහර වැඩේට ඔබේ දරුවා බිලි දෙන්න එපා. ජිවත් වීම වැදගත් නැතුව වැඩකට නැති මුන්ගේ මේ මල එලවූ අධ්‍යාපනය නොවේ. ඉගන නොගත්ත කියා මිනිස්සුන් මැරෙන්නේ නැහැ. ඉඅඥ ගන්නත් ජීවිතය බේරා ගන්න ළමයිගේ.