පාසල් විවෘත කරන්න යන විදිය මෙන්න..දරුවන්ට අවධානම් තත්ත්වයක්?

සිසුන් එන්නත්කරණයට ලක් කිරීමකින් තොරව පාසල් විවෘත කළ හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා එල්ල කළේ ආසාදිතයන් සංඛ්‍යාව අඩුවී ඇත්තේ කොරෝනා පරීක්ෂණ අඩුවෙන් සිදුකිරීම හේතුවෙන් බවයි.

නිවෙස්ගතව ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය යටතේ මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකම කොරෝනා ආසාදිතයින් 14,223 දෙනෙකු පසුවන බව නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේද කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන ප්‍රකාශ කළා.

පුද්ගලයින් 52,361ක් අදාළ ක්‍රමවේදය යටතේ නිවෙස්ගතව ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර ඉන් 37,448ක් සුවය ලබා ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.

අදාළ ක්‍රමවේදය යටතේ සිටි ආසාදිතයින් 607 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමුවීමට නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරහා ලියාපදිංචි විය යුතු බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන කියා සිටියා.

මේ අතර, ඇතැම් විදේශ රටවල ක්‍රියාත්මක වන ආකාරයට සිසුන් එන්නත්කරණයට ලක් කිරීමකින් තොරව පාසල් ආරම්භ කළ හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ.

මේ අතර මහනුවර ජාතික රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු මහල් පහකින් යුත් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

පිළිකා රෝගියෙකු ද වන මොහු අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙක්. එසේම අගෝස්තු 28 වනදා සිට 31 වනදා දක්වා කාලය තුළ හමුවූ තවත් ආසාදිතයන් 4,725 දෙනෙකුගේ තොරතුරු ඊයේ දිනයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් ඔවුන්ගේ වෙබ් අඩවියට එක් කර තිබුණා.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 458,766 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 10 ක සංචාරකයින්ට පනවා තිබූ තහනම හෙට සිට ඉවත් කිරීමට පිලිපීනය පියවර ගෙන තිබෙනවා.

මේ අතර සයිනොෆාම් එන්නත මෙරටදී ලබාදුන් සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් තිබෙනවා.

එසේම තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4 ක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09