කොවිඩ් එන්නත ගත් අවුරුදු 103ක මව

එන්නත්කරණ වැඩසටහන අදත් ක්‍රියාත්මක වූ අතර අවුරුදු 103ක් වයසැති වයෝවෘද්ධ මවකට එහිදී කොවිඩි මර්දන එන්නත ලබාදීම සිදුවිය.

ඒ නිවසට ගොස් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල යටතේය.

පාදයක් අහිමි වූ 88 හැවිරිදි මවකට ද එලෙස එන්නත්කරණය සිදු කෙරුණේ බදුල්ල උතුර ග්‍රාමසේවා වසමේදී ය.

මේ අතර කොවිඩ් ආසාදිතව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී 72 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ රාත්‍රි රෝහලෙන් බැහැරට පැමිණ ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී යළි රෝහල වෙත භාරදීමට අනුරාධපුර පොලීසිය කටයුතු කර තිබුණි.

බදුල්ල හාලිඇල ප්‍රදේශයේ නිවෙස් නිරෝධායනයට යොමු කළ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු නිවසෙන් බැහැරට පැමිණ ප්‍රධාන මාර්ගයේ දුම්පානය කරමින් සිටියදී හාලිඇල පොලිස් නිලධාරීන් ඔහුව යළි නිවසට රැගෙන යාමට පියවර ගත්තේය.

මේ අතර මේ වනවිට කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 12,325,737ක් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවේ සඳහන්ය.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 7,173,120කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !