“සැරෙන් සැරේට උණ අඩු, වැඩි වෙන ගතියක් තිබුණා දෙතුන් පාරක් ඔක්සිජන් දුන්නා..” – සුනිල් පෙරේ­රාගේ පුතු සජිත කියයි

මේ වන විට කොඩිඩ් 19 වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා ශීඝ්‍ර‌ෙයන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව කවුරුත් දන්නා කරුණකි. සියලු දෙනා අවදානමක පසුවන පසුබිමක ඉකුත් සතියේ මෙරට කලාකරුවන් රැසක්ම කොවිඩ් 19 ආසාදිතයන් බවට පත්වූ අතර ප්‍රවීණ සහ ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා ද ඒ අතර විය.
ඔහු ආසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ ගිලන් ඇඳක ප්‍රතිකාර ලබමින් සිටින ඡායාරූපද සමඟය. සුනිල් පෙරේරා නම් ගායන ශිල්පියාට ඇලුම් කරන ඔහුගේ රසිකයන් සංවේගයට පත්කළ එම පුවත පිළිබඳ ඔහුගේ පුත් සජිත පෙරේරා කියන්නේ මෙවන් කතාවක්.

සුනිල් පෙරේරා කොවිඩ් 19 ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවනවාද?“නෑ…. කවුද කියන්නේ”

සමාජ මාධ්‍ය තුළ එවැනි පුවතක් ඡායාරූප සමඟ පළවී තිබුණා නේද?“සමාජ මාධ්‍ය කියන හැම දෙයක්ම ඇත්තම නෙවෙයි.”

රෝහල් ඇඳක ඔක්සිජන් ගන්න පින්තූරත් ඒ අතර තිබුණා..?“ඔක්සිජන් දුන්නා තමයි. නමුත් අසාධ්‍ය වුණේ නෑ.”

එහෙනම් ඔක්සිජන් දුන්නේ ඇයි…?“ශරීරයේ ඔක්සිජන් තත්ත්වය අඩු වූ දෙතුන් වෙලාවක ඔක්සිජන් දුන්නා. එහෙම නැතුව හුස්ම ගන්න බැරුව අමාරුවෙන් හිටපු නිසා ඔක්සිජන් දුන්නා නෙවෙයි. වෛද්‍යවරු පරීක්ෂා කරලා ශරීරයට අවශ්‍ය නිසයි දුන්නේ. තාත්තාට අමාරුවක් නෑ.”

පියාට කොවිඩ් කියලා දැනගත්තේ කොහොමද.?“මුලින්ම හැදුණේ මටයි.”

ඔබ හිතන විදිහට ඔබට ආසාදනය වුණේ කොහොමද…?“මම තමයි ගෙදරින් එළියට යන්නේ. බැංකුවට, ෆූඩ් සිටි එකට ගිය වෙලාවක කාගෙන් හෝ මට වයිරසය ආසාදනය වන්නට ඇති”

සති කිහිපයකට පෙර එක්තරා රූපවාහිනී වැඩසටහනකටත් පියා සහභාගි වුණා නේද.?“ඔව්. ඒත් එහිදී බෝවුණා කියලා මම හිතන්නෙ නැහැ. ඒ සති දෙකකටත් කලින්. මුලින් හැදුණේ මටයි. පසුවයි තාත්තාට හැදුණේ. මගෙන් තමයි ඔහුට වැලඳෙන්න ඇත්තේ. නංගිට හැර අපි හැමෝටම හැදුණා. මගේ දරුවො දෙන්නාටත් ආසාදනය වුණා.”

තාත්තාට රෝග ලක්ෂණ දකින්න තිබුණද?“ඔව්. සැරෙන් සැරේට අඩුවන, වැඩිවන උණ ගතියක් තිබුණා.”

ඔබ පියා සමඟ නිතරම සමීපව කටයුතු කරනවාද?“තාත්තාට එන වැඩ ගොඩකට උදවු වෙන්නේ මමයි. තාත්තා පසුගිය කාලෙත් ගෙදර ඉඳන් පටිගත කිරීම් රාශියක්ම කළා. මම තමයි ඒවා වට්ස්ඇප් හරහා යැව්වේ. ඒ වැඩවලදී තාත්තායි මමයි ගොඩාක් සමීපව වැඩ කරනවා.”

පියා බෝ නොවන රෝගවලින් පෙළෙනවාද?“අවුරුද්දක් විතර වෙනවා රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා. ඒ වෙනකන් කිසිම ලෙඩක් තිබුණේ නෑ. සීනිත් ගොඩක් ඉහළ මට්ටමක නැහැ. තාත්තට වයස අවුරුදු 70ක්. ඒ වයසේ හැටියට නම් ඔහුට ලෙඩ නැහැ”

සමාජ මාධ්‍යවල පළවූ වැරදි ප්‍රචාර නිසා කරදරයක් වුණේ නැද්ද?‘‘නෑ. රෝහලේම හිටපු කවුරුහරි කෙනෙක් තාත්තගේ ෆොටෝ අරගෙන දාන්න ඇති. මට තිබුණු ලොකුම කරදරය දුරකතන ඇමතුම්වලට උත්තර දීලා ඉවරයක් නැති වීමයි. ඒ නිසා නම් පුදුම කරදයක් වින්ඳා.”

ඒ අතර සුනිල් පෙරේරාට ආදරය කරන අයත් ඉන්න ඇති නේද?“ඔව්. ඒ අයත් කතා කළා. ඒ වගේම ගොසිප් හොයන්න, ඒවා අලුත් කරන වුවමනාව තිබුණු අයත් ඇතුළුව විශාල පිරිසක් කතා කළා. බැරිම තැන මම දවස් කීපයක් ෆෝන් එක පැත්තකට දාලා තිබ්බා.”

මේ වෙද්දි පියාගේ තත්ත්වය කොහොමද?තාත්තා දැන් සාමාන්‍ය තත්ත්වයෙන් ඉන්නවා.”

තුෂාරී කළුබෝවිලරසඳුන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?