“සැරෙන් සැරේට උණ අඩු, වැඩි වෙන ගතියක් තිබුණා දෙතුන් පාරක් ඔක්සිජන් දුන්නා..” – සුනිල් පෙරේ­රාගේ පුතු සජිත කියයි

මේ වන විට කොඩිඩ් 19 වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා ශීඝ්‍ර‌ෙයන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව කවුරුත් දන්නා කරුණකි. සියලු දෙනා අවදානමක පසුවන පසුබිමක ඉකුත් සතියේ මෙරට කලාකරුවන් රැසක්ම කොවිඩ් 19 ආසාදිතයන් බවට පත්වූ අතර ප්‍රවීණ සහ ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා ද ඒ අතර විය.
ඔහු ආසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ ගිලන් ඇඳක ප්‍රතිකාර ලබමින් සිටින ඡායාරූපද සමඟය. සුනිල් පෙරේරා නම් ගායන ශිල්පියාට ඇලුම් කරන ඔහුගේ රසිකයන් සංවේගයට පත්කළ එම පුවත පිළිබඳ ඔහුගේ පුත් සජිත පෙරේරා කියන්නේ මෙවන් කතාවක්.

සුනිල් පෙරේරා කොවිඩ් 19 ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවනවාද?“නෑ…. කවුද කියන්නේ”

සමාජ මාධ්‍ය තුළ එවැනි පුවතක් ඡායාරූප සමඟ පළවී තිබුණා නේද?“සමාජ මාධ්‍ය කියන හැම දෙයක්ම ඇත්තම නෙවෙයි.”

රෝහල් ඇඳක ඔක්සිජන් ගන්න පින්තූරත් ඒ අතර තිබුණා..?“ඔක්සිජන් දුන්නා තමයි. නමුත් අසාධ්‍ය වුණේ නෑ.”

එහෙනම් ඔක්සිජන් දුන්නේ ඇයි…?“ශරීරයේ ඔක්සිජන් තත්ත්වය අඩු වූ දෙතුන් වෙලාවක ඔක්සිජන් දුන්නා. එහෙම නැතුව හුස්ම ගන්න බැරුව අමාරුවෙන් හිටපු නිසා ඔක්සිජන් දුන්නා නෙවෙයි. වෛද්‍යවරු පරීක්ෂා කරලා ශරීරයට අවශ්‍ය නිසයි දුන්නේ. තාත්තාට අමාරුවක් නෑ.”

පියාට කොවිඩ් කියලා දැනගත්තේ කොහොමද.?“මුලින්ම හැදුණේ මටයි.”

ඔබ හිතන විදිහට ඔබට ආසාදනය වුණේ කොහොමද…?“මම තමයි ගෙදරින් එළියට යන්නේ. බැංකුවට, ෆූඩ් සිටි එකට ගිය වෙලාවක කාගෙන් හෝ මට වයිරසය ආසාදනය වන්නට ඇති”

සති කිහිපයකට පෙර එක්තරා රූපවාහිනී වැඩසටහනකටත් පියා සහභාගි වුණා නේද.?“ඔව්. ඒත් එහිදී බෝවුණා කියලා මම හිතන්නෙ නැහැ. ඒ සති දෙකකටත් කලින්. මුලින් හැදුණේ මටයි. පසුවයි තාත්තාට හැදුණේ. මගෙන් තමයි ඔහුට වැලඳෙන්න ඇත්තේ. නංගිට හැර අපි හැමෝටම හැදුණා. මගේ දරුවො දෙන්නාටත් ආසාදනය වුණා.”

තාත්තාට රෝග ලක්ෂණ දකින්න තිබුණද?“ඔව්. සැරෙන් සැරේට අඩුවන, වැඩිවන උණ ගතියක් තිබුණා.”

ඔබ පියා සමඟ නිතරම සමීපව කටයුතු කරනවාද?“තාත්තාට එන වැඩ ගොඩකට උදවු වෙන්නේ මමයි. තාත්තා පසුගිය කාලෙත් ගෙදර ඉඳන් පටිගත කිරීම් රාශියක්ම කළා. මම තමයි ඒවා වට්ස්ඇප් හරහා යැව්වේ. ඒ වැඩවලදී තාත්තායි මමයි ගොඩාක් සමීපව වැඩ කරනවා.”

පියා බෝ නොවන රෝගවලින් පෙළෙනවාද?“අවුරුද්දක් විතර වෙනවා රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා. ඒ වෙනකන් කිසිම ලෙඩක් තිබුණේ නෑ. සීනිත් ගොඩක් ඉහළ මට්ටමක නැහැ. තාත්තට වයස අවුරුදු 70ක්. ඒ වයසේ හැටියට නම් ඔහුට ලෙඩ නැහැ”

සමාජ මාධ්‍යවල පළවූ වැරදි ප්‍රචාර නිසා කරදරයක් වුණේ නැද්ද?‘‘නෑ. රෝහලේම හිටපු කවුරුහරි කෙනෙක් තාත්තගේ ෆොටෝ අරගෙන දාන්න ඇති. මට තිබුණු ලොකුම කරදරය දුරකතන ඇමතුම්වලට උත්තර දීලා ඉවරයක් නැති වීමයි. ඒ නිසා නම් පුදුම කරදයක් වින්ඳා.”

ඒ අතර සුනිල් පෙරේරාට ආදරය කරන අයත් ඉන්න ඇති නේද?“ඔව්. ඒ අයත් කතා කළා. ඒ වගේම ගොසිප් හොයන්න, ඒවා අලුත් කරන වුවමනාව තිබුණු අයත් ඇතුළුව විශාල පිරිසක් කතා කළා. බැරිම තැන මම දවස් කීපයක් ෆෝන් එක පැත්තකට දාලා තිබ්බා.”

මේ වෙද්දි පියාගේ තත්ත්වය කොහොමද?තාත්තා දැන් සාමාන්‍ය තත්ත්වයෙන් ඉන්නවා.”

තුෂාරී කළුබෝවිලරසඳුන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09