කොරෝනා මර්දන එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

වයස අවුරුදු 30ට වැඩි සියලූ ශ්‍රී ලාංකිකයන් කොවිඞ් පාලන එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. 
ඒ අනුව කොවිඞ් පාලන එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් පිළිබඳව ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් සොයා බැලීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. තම කැමැත්ත අකැමැත්ත මත නොව, වයස අවුරුදු තිහට වැඩි සියලූ පුද්ගලයින් එන්නත්කරණය සිදුකරගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවද, මේ සඳහා අවශ්‍ය රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජය සලකා බලන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
108
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?