උමං මාර්ගයක් අසල රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

තලවකැලේ- හැටන් මාර්ගයේ කොටගල උමං මාර්ගය අසලදී ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් 31 දා සවස සිදුවු අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කොටගල, ෆොරස්ක්‍රීස් වත්තේ පදිංචිව සිටි ආර්. සුරේෂ් කුමාර් නැමැති 35 හැවිරිදි අයෙකි.

මියගිය පුද්ගලයා ත්‍රිරෝද රථයේ රියදුරා බව පොලීසිය පවසයි.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබු දෙනෙකු කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරනු ලැබු බවත් ඉන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය මහ රෝහලට මාරු කොට යවන අතුරුතුරදී මියගෙස් ඇති බවත් වාර්තා වී ඇත.

එම අනතුර දිඹුල පතන පොලිස් සීමාවට අයත් ප්‍රදේශයේ දි එදින සවස 4.30 ට පමණ සිදුව තිබේ.

පතන ප්‍රදේශයේ සිට කොටගල දක්වා ධාවනය කරමින් තිබු ත්‍රිරෝද රථයක් හා හැටන් සිට තලවකැලේ දෙසට ගමන් කරමින් තිබු ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ටිපර් රථයක් මෙසේ අනතුරට පත්විය.

ලොරි රථයේ රියදුරා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අනතුර සම්බන්ධයෙන් දිඹුල- පතන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

චන්දන ජයවීර – හැටන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?