උමං මාර්ගයක් අසල රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

තලවකැලේ- හැටන් මාර්ගයේ කොටගල උමං මාර්ගය අසලදී ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් 31 දා සවස සිදුවු අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කොටගල, ෆොරස්ක්‍රීස් වත්තේ පදිංචිව සිටි ආර්. සුරේෂ් කුමාර් නැමැති 35 හැවිරිදි අයෙකි.

මියගිය පුද්ගලයා ත්‍රිරෝද රථයේ රියදුරා බව පොලීසිය පවසයි.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබු දෙනෙකු කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරනු ලැබු බවත් ඉන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය මහ රෝහලට මාරු කොට යවන අතුරුතුරදී මියගෙස් ඇති බවත් වාර්තා වී ඇත.

එම අනතුර දිඹුල පතන පොලිස් සීමාවට අයත් ප්‍රදේශයේ දි එදින සවස 4.30 ට පමණ සිදුව තිබේ.

පතන ප්‍රදේශයේ සිට කොටගල දක්වා ධාවනය කරමින් තිබු ත්‍රිරෝද රථයක් හා හැටන් සිට තලවකැලේ දෙසට ගමන් කරමින් තිබු ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ටිපර් රථයක් මෙසේ අනතුරට පත්විය.

ලොරි රථයේ රියදුරා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අනතුර සම්බන්ධයෙන් දිඹුල- පතන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

චන්දන ජයවීර – හැටන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09