පළාත් සංචරණ සීමා ගැන දැනුම්දීමක්

නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ඊයේ දිනයේදී පුද්ගලයන් 149 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව පනස් දෙදහස ඉක්මවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

නිරෝධායන නීති කඩන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා සැකකරුවන් හතලිස් හය දහසකට පමණ පිරිසකට නඩු පවරා ඇති අතර තවත් හයදහසකට පමණ නඩු පැවරීමට නියමිතව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

නිරෝධායන නීති තවදුරටත් ක්‍රියාත්මක වන අතර පළාත් සංචරණ නියෝග ද තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව ඔහු කියාසිටියා.

මේ අතර ඊයේ දිනයේ බස්නාහිර පළාතෙන් ඇතුලුවන සහ පිටවන ස්ථාන 13කදී පවත්වන ලද මාර්ග බාධකවලදී පුද්ගලයන් 7644ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒ ඔවුන් පැමිණි වාහන 4120ක් ද සමගින්.

එහිදී පැමිණි වාහන 99ක් ද සමග 150 දෙනෙකුට අවවාද කර යළි හරවා යවා තිබෙනවා.

පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් පළාත් මායිම් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීම හේතුවෙනුයි පොලිසිය මෙම පියවර ගෙන ඇත්තේ.

මේ අතර හෙට දිනයේ සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයන් මෙන්ම මුව ආවරණ නිසියාකාරව නොපළඳින පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිසිය පවසනවා.

විශේෂයෙන් කොළඹ නගරය සහ බස්නාහිර පළාත ආශ්‍රිතවයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47