ප්‍රවීණ රංගවේදී රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රහල් බුලත්සිංහල, ප්‍රවීන රංගන ශිල්පිනි සුසිලා කෝට්ටගේගේ ස්වාමි පුරුෂයා ද වනවා.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

අභාවප්‍රාප්ත වන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවුණා.