සුරක්ෂා සිසු රක්ෂණාවරණ, නව ප්‍රතිලාභ සමඟ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

විවිධ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපනයට බාධා මතු වන සිසුන්ට එම බාධක මග හරවා ගෙන අඛණ්ඩව අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණින් යුතුව සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘතවිශේෂ පාසල්වල ඉගෙනුම ලබන සිසුන්හට එම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව පවතිනවා.

එකී සිසු රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් අතර දැනට බලාත්මකව පවතින ගිවිසුම, 2026-09-01 දින සිට 2027-08-31 දින දක්වා වන කාලසීමාවට අදාළව පහත සඳහන් නව ප්‍රතිලාභ ද ඇතුළත් කරමින් සංශෝධනය කර ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලබන බවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත සංශෝධන සඳහා කැබිනට අනුමැතිය හිමිව තිබෙනවා,

  • කර්ණශංඛ උපකරණ (Hearing Accessories) අලුත්වැඩියා කිරීමට සහ ඒ වෙනුවෙන් වැයවන සේවා ගාස්තුව සඳහා රුපියල් 75,000ක් දක්වා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දීම.
  • Chronic Kidney Disease 5 Chronic Inflammatory Arthritis 5 රෝග සඳහා දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන්හට රුපියල් 20,000ක් දක්වා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දීම.
  • Malignancy Screening Test for Skin Cancer and Post-transplant Lymphoproliferative Disorder (PLTD), Screening Test for Osteoporosis a Screening Test for Hepatitis B, Hepatitis C HIV යන පරීක්ෂණ සඳහා වැය වන වියදම් වෙනුවෙන් රුපියල් 20,000ක් දක්වා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දීම.
  • අසාධ්‍ය රෝග කාණ්ඩයට අයත් රෝග ලැයිස්තුවේ පවතින ‘Cancer Treatment’ a ‘Cancer Treatment and related Testing’ ලෙස සංශෝධනය කිරීම සහ හදිසි අනතුරක් හේතුවෙන් සිදු කළ යුතු වන උකුල්, උරහිස් සහ දණහිස් සන්ධි ප්‍රතිස්ථාපනය සඳහා සිදු කරනු ලබන ප්‍රධාන ශල්‍යකර්ම සහ PET Scan සඳහා දරනු ලබන වියදම් අසාධ්‍ය රෝග කාණ්ඩය යටතේ ආවරණය කිරීම.
  • පාසල තුළ දී හෝ ඉන් පිටතදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මඟින් සංවිධානය කරනු ලබන හා අධ්‍යාපන බලධාරින්ගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම්වලදී (අධ්‍යාපන චාරිකා සහ ක්‍රීඩා උත්සව ආදිය) සිදු වන හදිසි අනතුරු හේතුවෙන් වන සිසු ජීවිත හානි සඳහා හදිසි අනතුරු කාණ්ඩය යටතේ රුපියල් 100,000/-ක මුදලක් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම.