ශ්රී ලංකාවේ ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නැංවීමේ අරමුණින් ජාතික ඉහළ කාර්යසාධන මධ්යස්ථානය පිහිටුවීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
රුපියල් මිලියන 3,980ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2027 වර්ෂයේ සිට වසර 03 ක කාල රාමුවක් තුළ දියගම ප්රදේශයේ මෙම මධ්යස්ථානය ස්ථාපිත කිරීමටයි සැලසුම්කර ඇත්තේ.
මේ අතර යෝජිත දියගම ජාතික ඉහළ කාර්ය සාධන මධ්යස්ථානය ස්ථාපිත කරන තෙක්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්යන්තර ක්රීඩා තරගාවලි සහ 2028 ඔලිම්පික් ක්රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් හඳුනාගනු ලබන විශිෂ්ට මට්ටමේ ක්රීඩක ක්රීඩිකාවන්ගේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අවශ්ය පහසුකම් සැලසීමට ජාතික ඉහළ කාර්යසාධන මධ්යස්ථානය ටොරින්ටන් ක්රීඩාංගනයේ ප්රේක්ෂකාගාර ගොඩනැගිල්ල සහ ක්රීඩා වෛද්ය ආයතනය සතුව පවතින යටිතල පහසුකම් භාවිත කරමින් ආරම්භ කිරීම යෝග්ය බවට හඳුනාගෙන තිබෙනවා.










