පොලිස් විශේෂ කාර්ය බලකයා විසින් වැලිගම, කප්පරතොට ප්රදේශයේ අද (15) උදැසන සිදු කළ වැටලීමක් අතරතුර මත්ද්රව්ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
මෙම මත්ද්රව්ය තොගයේ හෙරොයින් මත්ද්රව්ය කිලෝ 100කට අධිකව පවතින බවයි පොලිසිය සඳහන් කළේ.
මේ වන විටත් අදාල වැටලීම සිදු කාරමින් පවතින බව පොලිස් මාධ්ය කොට්ඨාසය කියා සිටියා
