ඉරානය විසින් හෝමුස් සමුද්ර සන්ධිය ආසන්නයේ සිදුකරන නාවික මෙහෙයුම් ඉහළ දමා ඇති අතර, හෝමුස් සමුද්ර සන්ධිය ආසන්නයේදී එල්ල වූ ප්රහාර හමුවේ ඊයේ (14) දිනයේ දී නෞකා දෙකෙක් මුහුදේ ගිලී ගොස් ඇති විදෙස් මාධ්ය වාර්තා කරනවා.
මෙලෙස ගිලී ගොස් ඇත්තේ සිංගප්පූරු ධජය යටතේ ගමන් ගත් ‘GFS Pride’ නම් කන්ටේනර් නෞකාව සහ ඇන්ටිගුවා සහ බාබුඩා ධජය යටතේ ගමන් ගත් ‘Cape Dao’ නම් තොග භාණ්ඩ ප්රවාහන නෞකා දෙකයි.
සිංගප්පූරු ධජය යටතේ ගමන් ගත් නෞකාවේ සිටි නාවිකයන් 21 දෙනාම ආරක්ෂිතව මුදාගෙන ඇති අතර අනෙක් නෞකාවේ එක් නාවිකයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, සෙසු පිරිස වහාම ඉවත් කර ගැනීමට හැකිව තිබෙනවා.
