සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා එම දඬුවමෙන් මුදවා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් X සමාජ මාධ්ය වේදිකාවේ සටහනක් එක්කර තිබෙනවා.
එම සටහන මඟින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීම අනෝජන්ටත්, ඔහුගේ පවුලේ අයටත්, එමෙන්ම ඔහුගේ නඩුව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවූ සියලුම ශ්රී ලාංකිකයන්ටත් මහත් සහනයක් ගෙන දෙන බවයි.
ඉවසීමෙන් යුත් රාජ්යතාන්ත්රික ප්රවේශයක වටිනාකම, මිත්රශීලී රටක නීතිමය ක්රියාවලීන්ට දක්වන ගෞරවය සහ විදේශයක සිටින ශ්රී ලාංකික පුරවැසියෙකු වෙනුවෙන් පෙනී සිටි අයගේ නොපසුබට උත්සාහය මෙයින් මනාව පිළිබිඹු වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සෞදි අරාබි රජයට සිය කෘතඥතාව පළ කරන බවත්, , මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ සෞදි අරාබි සහ ශ්රී ලාංකික රාජ්යතාන්ත්රිකයන්, රාජ්ය නිලධාරීන් සහ නීතිඥ කණ්ඩායම් වෙත ද මගේ ස්තූතිය පුද කරන බවත් ජනාධිපතිවරයා පවසනවා.
එමෙන්ම ඉතිරි නීතිමය ක්රියාවලීන් අවසන් වන තුරු අනෝජන්ට සහ ඔහුගේ පවුලේ අයට අවශ්ය සියලු සහාය ලබා දීමට රජය අඛණ්ඩව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එම සටහනේ සඳහන් කර තිබෙනවා.
ජීවනෝපායක් සොයා මෙරටින් පිටත්ව යන කිසිදු ශ්රී ලාංකිකයෙකු තමන් තනි වී ඇතැයි යන හැඟීම කිසිවිටෙකත් ඇති කර නොගත යුතු බවද ජනධිපතිවරයා එම සටහනේ සඳහන් කර තිබෙනවා.


