නාමල් රාජපක්ෂට අධිචෝදනා ගොනු කරනවා – CIDය අධිකරණයට කියයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාලව විමර්ශන කටයුතු අවසන් බැවින් අධි චෝදනා ගොනු කිරිමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දන්නා සිටියා.

ඒ අනුව සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් 18 යළි කැඳවිමට මහේස්ත්‍රාත්වරයා දින නියම කළා.

එදිනට සිද්ධියට අදාල සිව්වැනි සැකකරු වන නාමල් රාජපක්ෂ බන්ධනාගාරයේ සිටීනම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තුළ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

මෙම සිද්ධියට අදාළව සැකකරු මේ වන විට මිලියන 100 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ පළමුවැනි සැකකරු වන කපිල චන්ද්‍රසේන මියගොස් ඇති බව දන්වා තිබුණේ ද ඒ සම්බන්ධයෙන් මරණ සහතිකයක් තවමත් විමශය නිලධාරීන්ට ලැබී නොමැති බවයි සඳහන් කළේ.

තවද මෙම සිද්ධියේ දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි සහ ශාමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බවත් ඒ ඔස්සේ ක්‍රියා කරන බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.