බේකරි කෑම මිල යළි ඉහළ යන ලකුණු

සීනි තොග මිල අඩු නොවුණහොත් එළැඹෙන සතියේදී පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම සම්බන්ධව තීරණයක් ගැනීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන කියයි.

රුපියල් 100 කට පැවැති සීනි කිලෝවක තොග මිල ඊයේ (06 වැනිදා) දිනයේ සිට රුපියල් 130 දක්වා ඉහළ ගොස් ඇති බවත්,මෙම තත්ත්වය මත බේකරි නිෂ්පාදකයන්ගේ වියදමද ඉහළ ගොස් ඇති බවත් සභාපතිවරයා කීවේය.

සීනි ආනයනය සඳහා සීමිත පිරිසකට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් තිබෙන බවද සභාපතිවරයා පැවසුවේය.

ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ද පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් පහත් දහයත් අතර මිලකින් ඉහළ දැමීමට බේකරි හිමියන් පසුගියදා කටයුතු කරන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?