බේකරි කෑම මිල යළි ඉහළ යන ලකුණු

සීනි තොග මිල අඩු නොවුණහොත් එළැඹෙන සතියේදී පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම සම්බන්ධව තීරණයක් ගැනීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන කියයි.

රුපියල් 100 කට පැවැති සීනි කිලෝවක තොග මිල ඊයේ (06 වැනිදා) දිනයේ සිට රුපියල් 130 දක්වා ඉහළ ගොස් ඇති බවත්,මෙම තත්ත්වය මත බේකරි නිෂ්පාදකයන්ගේ වියදමද ඉහළ ගොස් ඇති බවත් සභාපතිවරයා කීවේය.

සීනි ආනයනය සඳහා සීමිත පිරිසකට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් තිබෙන බවද සභාපතිවරයා පැවසුවේය.

ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ද පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් පහත් දහයත් අතර මිලකින් ඉහළ දැමීමට බේකරි හිමියන් පසුගියදා කටයුතු කරන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09