දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් වැඩිදුර විභාගය හෙට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට (04) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම පෙත්සම් ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද පෙරවරුවේ සිට විභාගයට ගත්තා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මහාචාර්ය ජී එල් පීරිස්, ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 15 ක් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු විසින් අද විවෘත අධිකරණයේ කරුණු ඉදිරිපත් කළ අතර ඔවුන් සඳහන් කළේ යෝජිත පනත් කෙටුම්පත තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම අධිකරණ බලයද කප්පාදු වන බවයි.

ඒ අනුව අදාල පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සංකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරුන්ගේ දේශන අවසන් කෙරුණු අතර වැඩිදුර දේශන හෙට දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54
Video thumbnail
පොලිසියේ සැමට අවදානම් දීමනාවක් දෙනවා - බැඳෙනකොටත්,බඳිනකොටත්, විශ්‍රාම යනකොටත් කොස්තාපල්
03:03
Video thumbnail
අපරාධවලට උත්තේජයක් වෙන්නේ නිසි කාලයේ දඬුවම් නොදීම - වේගවත්ව ඔවුන්ට දඬුවම් දෙන්න ඕනි
07:08
Video thumbnail
පොලිස් නිලධාරින්ට ජනපති දුන් දැඩි අවවාදය - මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් වෙන්න..නිල ඇඳුම අතහරින්න
09:33
Video thumbnail
කඩවත පොලිසියට SPA සංගම්වලින් දැඩි චෝදනා - මසාජ් එකක් කියන්නේ ඇඟට හොඳ දෙයක්
11:55
Video thumbnail
ජනපති අනුර අන්කල්ගෙන් චූටි දූට ලැබුණු ආදරණීය උම්මා එක..
00:08