ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රකාශ ගන්න සී.සී.ඩීය අධිකරණයෙන් අවසර ඉල්ලයි

ගණේමුල්ල සංජිව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකරනු ලබන විමර්ශනවලට රක්ෂිත අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තියගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම හමුවේ දන්වා සිටියා.

සිද්ධියට අදාළව මෝසමක් ගොනුකරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මේ බව අධිකරණයට දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධය වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරනු ලබන විමර්ශන සදහා මෙම සැකකාරියගෙන් ප්‍රකාශ ලබාගැනීමට තිබෙන බවයි.

ලබන 02 දින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසයි කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුරටත් අධිකරණ‍යෙන් ඉල්ලා සිටියේ.

ඒ සඳහා බන්ධනාගාර අධිකාරිවරයා දැනුවත් කරන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීමට අදාළ නියෝගය නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30