ගණේමුල්ල සංජිව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකරනු ලබන විමර්ශනවලට රක්ෂිත අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තියගෙන් ප්රකාශ ලබා ගැනීමට තිබෙන බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය අද (28) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් .බෝදරගම හමුවේ දන්වා සිටියා.
සිද්ධියට අදාළව මෝසමක් ගොනුකරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මේ බව අධිකරණයට දන්වා සිටියා.
සිද්ධිය සම්බන්ධය වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරනු ලබන විමර්ශන සදහා මෙම සැකකාරියගෙන් ප්රකාශ ලබාගැනීමට තිබෙන බවයි.
ලබන 02 දින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ප්රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසයි කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඒ සඳහා බන්ධනාගාර අධිකාරිවරයා දැනුවත් කරන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා එම ඉල්ලීමට අදාළ නියෝගය නිකුත් කළා.













