අනුරාධපුර, කොරකහවැව ප්‍රදේශයේ රක්ෂිතය තුළ තම ස්වාමියා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඔහුද එම පිහියෙන්ම ඇණගෙන තුවාල සිදුකරගෙන තිබෙනවා.
ස්වාමියා බිරිඳ සමඟ අද පෙරවරුවේ යතුරුපැදියකින් මෙම රක්ෂිතය වෙත ගොස් ඇති අතර එහිදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
සැමියාගේ තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ බිරිඳ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ සැමියා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මෙම ඝාතනයට හේතුව පුද්ගලික ආරවුලක් බවට පොලිසිය සැකපල කරන අතර, මෙසේ මිය ගොස් ඇත්තේ උලුක්කුලම ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි තිදරු මවක් වන අශෝකා කුමාරි රඹුක්වැල්ල නැමැති කාන්තාවක්.
මළ සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑමට නියමිතයි.
සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් සිදුකරනු ලබනවා.













