ජනාධිපති සමාව පිළිබඳ කමිටු වාර්තාව කඩිනමින් කැබිනට් මණ්ඩලයට

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන්ට ජනාධිපති සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රියා පටිපාටියක් සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

බන්ධනාගාර නිලධාරීන්, කමිටු සාමාජිකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ජනාධිපති සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රියා පටිපාටියක් ස්ථාපිත කිරීම, මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් බවට පරිවර්තනය කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් වසර 20 දක්වා අඩු කිරීම සහ සිරකරුවන්ට නිවාස නිවාඩු ලබාදීම කමිටුවේ ප්‍රධාන නිර්දේශ අතර වනවා.

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවන්ට ජනාධිපති සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රියා පටිපාටියක් සකස් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව පත් කරනු ලැබුවා.

මාස දහයක් පුරා සිදුකරන ලද අධ්‍යයනයකින් පසුව කමිටුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14