රටේ ප්‍රධානම ප්‍රශ්නය ව්‍යවස්ථා සංශෝධනය නෙවෙයි, ණය ආපසු ගෙවීමයි – හිටපු ජනපති රනිල්

ව්‍යවස්ථා සංශෝධනයන් සිදුකර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා ද යන්න නොව මෙරට ප්‍රධානතම ප්‍රශ්නය වී ඇත්තේ, ජාත්‍යන්තරයෙන් ලබාගෙන ඇති ආපසු ණය ආපසු ගෙවීම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත ‘යුධ දෙකකට උර දී’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට අද (18) කොළඹ දී එක්වෙමින්.

මෙහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හෝ පාර්ලිමේන්තුවෙන් පිට තවමත් සකච්ඡාවර භාජනය වී නොමැති බවයි.

ඒ, අනුව මේ පිළිබඳව අවධානය යොමුවිය යුතු බවයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

ණය ගෙවීමට නොහැකි වුවහොත් රට යළිත් බංකොලොත් තත්ත්වයට පත්වනු ඇති බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා 2028 වසර වනවිට රුපියල් බිලියන 15ක් සෙවීමට සිදුව ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්