ඩොලර් බිලියනයක් නීතිවිරෝධීව රටින් පිටකිරීමේ සිද්ධියට බැංකු කළමණාකරුවන් 04ක් අත්අඩංගුවට

ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට පෞද්ගලික බැංකු 04ක කළමණාකරුවන් හතරදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කළමණාකරුවන් හතරදෙනා අදාළ පෞද්ගලික බැංකු තුළදීම අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ජාවාරම් සිදුකළ ප්‍රධාන පුද්ගලයා විසින් සතිපතා ඔවුන්ට මුදල් ලබාදීම් සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව එක් අයෙකුට සතියකට රුපියල් 30,000, 50,000 සහ රුපියල් ලක්ෂය බැගින් මුදල් ලබාදී ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.